පෙට්‍රල් ඩීසල් හිඟයක් නෑ

රට පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල් වල පෙට්‍රල් හා ඩීසල් ප්‍රමාණවත් සහ සම්පූර්ණ තොග මේ වනවිට පවතින බව ලංකා අයි ඕ සී සමාගම දැනුම් දෙයි.වර්තමාන තොග තත්ත්වය අනුව, පෙට්‍රල් තොග දින 34කටත්, ඩීසල් තොග දින 26කටත් ප්‍රමාණවත් බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. ඉන්ධන හිඟයක් නොපවතින බැවින්, අනවශ්‍ය පරිදි ඉන්ධන මිලදී ගැනීම් හෝ අත්‍යවශ්‍ය නොවන ලෙස තොග එකතු කිරීමෙන් වළකින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.තවද, මහජනතාවට කිසිදු අපහසුතාවයක් නොවෙන පරිදි ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වා ගනිමින් නිවාඩු දිනවල ද සැපයුම් ස්ථාන ක්‍රියාත්මක කරන බව ද ලංකා අයි ඕ සී සමාගම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්