බස්නාහිර බස් වල ටිකට් නැත්නම් මඟීන්ට හා කොන්දොස්තර වරුන්ට හෙට සිට දඩ

බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථවල ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කරන මගීන්ට මෙන්ම ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට එරෙහිව හෙට ( 01) සිට දඩ මුදල් නියම කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.එම අධිකාරියේ ධාවන කළමනාකරු, ජීවින්ද කීර්තිරත්න මහතා අවධාරණය කරන්නේ මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමග බස්නාහිර පළාත තුළ බස් රථවල ගමන් ගන්නා මගීන් තම ගමනාන්තය දක්වාම ප්‍රවේශ පත්‍රය තමන් සතුව තබා ගැනීම අනිවාර්ය වන බවයි.එමෙන්ම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සඳහන් කරන අන්දමට බස් රථයට මගියෙකු ගොඩ වූ පසු ඔහුට අදාළ බස් රථයේ අංකය, ගමනාරම්භය, ගමනාන්තය, අනුක්‍රමික අංකය සහ ගමන් ගාස්තුව ඇතුළත් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම කොන්දොස්තර වරයාගේ වගකීමක් වන බවයි. එමෙන්ම, මගියා ද තම ගමනේ පළමු කඩඉම ආරම්භ වීමට ප්‍රථම ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එය ගමන අවසන් වන තුරු සුරක්ෂිතව තබාගත යුතු බවද ජාසිංහ මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්