මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 30ක පමණ අලාභයක් සිදුවන බැවින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව මෙම මාසය තුළදීම වැඩි සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.ඒ අනුව බස් ගාස්තුවෙන් 40% ක් දක්වා වන ප්‍රතිශතයක් වන තෙක් දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ යන අතර දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් බිලියන 6කින් පමණ අඩුකර ගත හැකි වනු ඇති බව ද සාමාන්‍යාධිකාරි වරයා කියයි. ඔහු වැඩි දුරටත් පැවසුවේ දෙපාර්තමේන්තුව දෛනිකව ඉන්ධන සඳහා රුපියල් මිලියන 45ක් වැය කරන මුත් ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කිරීමෙන් ලද හැකි දෛනික සමස්ත ආදායම රුපියල් මිලියන 15කට ආසන්න වන බවකි..ඒ අනුව මෙම දුම්රිය ගාස්තු ඉහළ නැංවීම ජනතාවගේ පැත්තෙන් සිතා සිදු කරන සහනශීලී මිල සංශෝධනයක් බව ද සාමාන්‍යාධිකාරී වරයා කීය.