බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම වනසන්න “පරංගින්”ට ඉඩ දෙන්න එපා!

බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම හා සංස්කෘති පසුබිම විනාශ කිරීමට පිටරටවල ඉගෙනගත් හා ජීවත් වූ බව කියන පරංගින්ගේ නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා සංස්කෘතියට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.එවැනි මෝඩ දේ කිරීමට ඉඩනොදෙන ලෙස තමන් සංඝයා වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින් ඉල්ලීමක් කරන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පසුගිය දා මීගමුව, කුරණ, ශාන්ත පීතර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කාලීන පුවත්