සිය පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් යම් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ක්‍රියාත්මක නොවන්නේ නම් වෙනත් ඕනෑම පොලිස් කොට්ඨාසයකින් පැමිණ අදාළ වැටලීම සිදුකළ හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. විෂයභාර අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ ඊයේ (06) පැවැති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා වූ ජාතික සභාවේ කුරුණෑගල දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.පසුගියදා පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් කිසිදු පොලිස් ස්ථානාධිපතිවරෙයෙකුට තම බල ප්‍රදේශය ඉක්මවා වෙනත් බල ප්‍රදේශයක වැටලීම් සිදුකළ නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටි අතර එය බොහෝ දෙනකු ගේ දැඩි විවේචනයකට ලක්ව තිබේ.