මනුෂ අත්අඩංගුවට

හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද(15) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් සටහන් කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත් ව තිබේ. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේ වැඩසටහනකදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.එහි දී අල්ලස් කොමිසම මගින් තමන්ව අත්අඩංගුවට ගනු ලැබුවහොත් අපේක්ෂිත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් ඊයේ දිනයේදී අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

කාලීන පුවත්