දකුණේ ප්රබලතම දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.මාතර,අකුරැස්ස ගොඩපිටියේ ජුම්මා මස්ජීද් පල්ලිය දී 2009 මාර්තු 10 වන දා එල්ල වූ එල්.ටී.ටී ඊ බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව හටගත් ස්නායු බිඳ වැටීමක් හේතුවෙන් දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන්ය.2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරූ මහින්ද විජේසේකර මහතා 2008 වසරේ දී මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවීය.අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.ඒ මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (04) ප.ව 4.00ට මාතර ආදාහනාගාරයේ දී සිදු කෙරේ.