ආසාදනය වූවන් ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බව පැවසෙන මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර යමින් පවතින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි.මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට මෙම මස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද කියවේ.අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 110 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ. වවුලන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි මෙම වෛරසය මැඩ පැවැත්වීම සඳහා වන කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැති බව ද වාර්තා වෙයි. මේ අතර සෞඛ්‍ය බලධාරීන් පවසනුයේ මෙය පැතිරීමේ අවදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපීය මට්ටමින් වර්ධනයන් නිරීක්ෂණය කරන අතර ජාත්‍යන්තර සෞඛ්‍ය නිරීක්ෂණ පද්ධති සමඟ සම්බන්ධතා පවත්වන බවත්ය.මේ දක්වා දේශීය වශයෙන් කිසිදු සිද්ධියක් වාර්තා වී නොමැති වුවද පවත්නා තත්වයේ වෙනසක් ඇති වුවහොත් එළඹෙන තත්වයන්ට සූදානම් වීමේ පියවර ක්‍රියාත්මක වන බව බලධාරීන් පෙන්වා දී ඇත.