මිනිස් සමාජයේම වරදින් මහ මඟට ඇද වැටුණු අසරණ සුනඛයන් හට පිහිටාරක්ෂාව සලසන සත් පුරුෂයන් අගැයුමට ලක් කිරීම මුල් කොට ගත් විශේෂ උත්සවයක් සැප්තැම්බර් 28 වන දාට යෙදෙන ලෝක ජල භීතිකා දිනය නිමිති කොට එදින පෙ.ව 9.00 සිට 11.00 තෙක් අනුරාධපුර පැරණි බස් නැවතුම් පළ අසල නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලී කොතලාවල යන මහත්ම මහත්මීන් විශේෂ ආරාධිතයන් වශයෙන් එක් වන මෙම උත්සවය සංවිධානය කරනුයේ අනුරාධපුරය “ආදරය කරුණාව සපිරි සුන්දර නගරයක්” යන සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා උර දී හිඳින අනුරාධපුර මහ නගර සභාව , මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කලමණාකරණය සඳහා වන පශු වෛද්‍ය සංසදය,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ Justice for Animals සංවිධානය විසිනි. මානුෂීය ක්‍රම මඟින් පමණක් සුනඛ ගහණ කලමණාකරණය විය යුතු ය යන නවීන සංකල්පය මත පිහිටා හිඳින සැමට මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.