ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවක සේම වත්මන් මීගමු කලා පරපුරේ පුරෝගාමී සාමාජිකාවක වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පෙරේදා (02 ) රාත්‍රී .අභාවප්‍රාප්ත වී තිබේ.“මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම කලුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, මගේ පනවැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ගුවන්විදුලිය මඟින් අතිශය ජනප්‍රියත්වයට පත් විය.ලංකාවේ පළමු ග්‍රැමෆෝන් තැටි ගායිකාව ද වූ ඇය ගීත රැසක් ඇය ගයා ඇතැයි පැවසෙයි.හෙන්‍රි ලුකස් රණසිංහ මහතාගේ දයාබර බිරිඳ වූ ග්‍රේටා මහත්මිය දරුවන් පස්දෙනකුගේ ආදරණීය මෑණියන් ද විය..මීට දශක කීපයකට කිහිපයකට ගුවන්විදුලියේ “පැරැණි රසාංග’ තීරය තුළින් ඇයගේ බොහෝ ගීත ප්‍රචාරය වූ අතර ඒවා රස විඳීම පිණිස වූ වෙනම රසික පිරිසක් ද දිවයින පුරා විසිරී සිටි බව එවක ගුවන් විදුලියේ ශ්‍රවණ පර්යේෂණ වාර්තා වලින් තහවුරු වී තිබිණ.ග්‍රේටා ජෙනට් හත්මියගේ දේහය මේ වන විට මීගමුව, කට්ටුව, හලාවත පාරේ, අංක 115 දරණ නිවසේ තැන්පත්කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05 ) සවස 4.30ට කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීහු පවසති.