රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම දෙවැනි වරටත් IPL ශූරතාව දිනාගනී

2026 IPL තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට රාජාත් පටිදාර්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ඊයේ (31) සමත් විය.

ඒ ප්‍රතිවාදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජයට පත් කරමින්.එහිදී ලකුණු 156 ක ඉලක්කයක් හබා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18කදි කඩුලු 5ක් දැවි ලකුණු 161 ලබා ගනිමින් 2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට සමත් විය.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංණයේදි තරගයේ කාසියේ වාසිය දිනු රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝරු නායකයා පළමුව පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කරනලදි.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 26කදි දවාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පන්දු යවන්නන‍ෙ සමත් විය.ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 155ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝරු කණ්ඩායම කඩුලු 18ක් අවසානයේ ලකුණු 161ක් ලබා ගනිමින් තරගාවලි ජය ගන්නාලදි.

කාලීන පුවත්