සිවුර, කළු කෝට් එක හෝ ජාතික ඇඳුම නොබලා ප්‍රහාර එල්ල කරන බවට කේ.ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අනීතික මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශයක් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මෙම හැසිරීම තුළින් නීතියට, ශාසනයට සේම ජාතියටම තර්ජනයක් එල්ල වන බවයි.ලාල්කාන්ත අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ පියවි සිහි බුද්ධියෙන්ද යන්න පිළිබඳව සැකයක් මතුවන බව පැවසූ උලපනේ සුමංගල හිමියෝ, අමාත්‍යවරයා පොදු රැස්වීමක කතා කිරීමට පෙර ඔහු කිසියම් පානයක් ගෙන සිහි විකල්ව සිටින්නේදැයි පරීක්ෂා කිරීමට බැලුම් පිම්බවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරති.
“ඉතිහාසය පුරාම චීවරයට අත තියන්න ආපු කිසිම අධාර්මිකයෙක් යහතින් ගියේ නැහැ. ඔවුන්ගේ දේශපාලන ගමන එතැනින්ම අවසන් වුණා. ලාල්කාන්ත මහත්තයා චීවරයට ‘ෆවුල් ෂොට්’ ගහන්න ආවොත් ඒ ටික තමයි” යනුවෙන් පැවසූ උන්වහන්සේ කෙසේ වෙතත් අමාත්‍යවරයා සම්බන්ධයෙන් කැබිනට් තීන්දුවක් ගත යුතු බව ද කියා සිටියහ.එමෙන්ම ශාසන සම්ප්රදාය රකින මහානායක හිමිවරුන් ඇතුළු සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටීමට තමන් ද සූදානම් බව සුමංගල හිමියෝ කීහ.උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන ලද්දේ ප්‍රශ්නගත හය වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ(22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමකට අනුව එහි පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.