මේ වන විට දේශපාලන පක්ෂ කිසිවකට දිනීමට නොහැකිව ඇත්තේ වර්තමාන දේශපාලන පක්ෂ Gen Z පරපුර සඳහා ගැලපෙන නායකයන් තනා නොමැති වීම නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙරේදා (18) රාත්රියේදී කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ ක්රියාකාරිකයින් කිහිපදෙනෙකු හමුවේ පවසා තිබේ. “සර් ඇත්තටමද යූඑන්පී නායකත්වයෙන් අයින් වෙන්න ලෑස්තියි කියලා කිව්වේ ?” යනුවෙන් එහි දී සමගි ජන බලවේග තරුණ ක්රියාධරයකු රනිල් වික්රමසිංහ මහතාගෙන් විමසා තිබේ.“මම අනිවාර්යයෙන්ම ඕනෙම මොහොතක මේ පක්ෂ දෙකේ සමගිය වෙනුවෙන් අයින් වෙන්න කැමතියි. ඒකේ ප්රශ්නයක් නැහැ. නමුත් මේ පක්ෂ එකක්වත් Gen Z එකට හරියන නායකයින් හදලා නෑ. ඒ හින්දා ඒක සිද්ද වෙනකල් කාටවත් දිනන්න බැරි තත්වයක් තියෙන්නේ. ඔයාලට ඒක වෙනුවෙන් වැඩ කරන්න වෙයි” යනුවෙන් වික්රමසිංහ මහතා එහි දී පවසා ඇති බව වාර්තා වෙයි.