වෙනස් නොවන රාජ්‍ය සේවකයන් වෙනස් කරන්න සූදානම්

රාජ්‍ය සේවකයින්ට තම පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය දැන් එළැඹ ඇති බවත් ඔවුන් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

කාලීන පුවත්