අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.ඔහු වැඩි දුරටත් පැවසුවේ වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිළිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවය.මේ තාක් ස්වාධීනව තිබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ අවස්ථා දෙකකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණි.සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අයහපත් ප්‍රතිචාර සැළකිල්ලට ගනිමින් මෙලෙස යළි වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව වෛද්‍ය වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටහ් පැවසීය.