ශ්‍රී ලංකා රේගුව සිය පළමු කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරිමේ සහ වෙළද ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයිමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් ඉන් සනිටුහන් කරයි.
නව පද්ධතිය මගින් රේගු ප්‍රකාශන සහ ඒවාට අදාළ උපකාරක ලේඛන , විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට හා සැකසීමට හැකිවන බවයි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.එමගින් භෞතික ලේඛන අතින් සිදුකරන ලේඛන කටයුතු සහ කඩදාසි ලිපිගොනු පරිහරණය මත රඳා පැවැත්ම ද අවම කිරීමයි සැලැස්ම වී තිබේ.
වේගවත් සැපයුම් ක්‍රියාවලියක් , වැඩි විනිවිදභාවයක් සහ පසුවිපරම් කිරීමේ හැකියාවක් ඇතුළු ප්‍රායෝගික ප්රතිලාභ රැසක් අත්කර ගැනීමට ද ඉන් හැකිවෙයි.