සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට “තරුණකම ” එක් වෙයි

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත්කිරීමේදී තරුණ නියෝජිතයින් රැසකට මෙවර අවස්ථාව ලබාදී තිබේ.ඒ අනුව චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර ඇත.ඔවුන්ට අදාළ පත්වීමේ ලිපි පිරිනැමීම ඊයේ (16) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකර තිබේ.සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ වන විට ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් සිදු කරන අදූරදර්ශී අඥාන වැඩ සටහන් මඟින් රටේ අනාගතය අඳුරින් අඳුරට පත්වීමේ අවදානම පිටු දැකීමට බුද්ධිමත් තරුණ නායකත්වයක් සඳහා පෙරහුරුවක් ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ බවකි.සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක් විය.

කාලීන පුවත්