සත්ව හිංසනය වළක්වා සත්ව හිමිකම් හා සුබසාධනය නීතිගත කළ යුතුයි

සත්ව හිංසනය වළක්වා සත්ව හිමිකම් හා සුබසාධනය ගැන නීතිරීති ගෙන එන බව බොහෝ කාලයක් තිස්සේ ප්‍රකාශ වුව ද එය මෙතෙක් ඉටු නොවූ බැවින් සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වෙන නීති රීති අනපනත් ව්‍යවස්ථාදායකය තුළ නිර්මාණය කර සත්ව සුභසාධන වැඩපිළිවෙළ කඩිනමින් රටේ නීතියක් බවට පත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.එමෙන්ම මේ වන විට අප රට තුළ සත්ව හිංසනය වර්ධනය වන පසුබිමක් නිර්මාණය වෙමින් පවතින අතරේ සත්ව හිංසනය වෙනුවට සත්ව සම්පතට දයාව කරුණාව මෛත්‍රීය නිර්මාණය කරන සේම මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක වරයා පැවසීය.
.එමෙන්ම මිනිසා සහ සතුන් අතර ඇති ගැටුම වළක්වා ගන්නටත් මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර සතුන්ගේ ද අයිතිවාසිකම් සුරක්ෂිත කරන වැදගත් සදාචාර සම්පන්න නීති පද්ධතියක් සකස් විය යුතු අතරේ ඒ සඳහා ව්‍යවස්ථාදායකය තුළ උපරිම සහයෝගය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විහාර මහා දේවි උද්ය්‍යානයේ පැවැති Dog festival 2025 උත්සවයේ සමාරම්භක අවස්ථාව හා එක්වෙමිනි.

කාලීන පුවත්