සහල් ආනයනය කිරීමේ සූදානමක්

මේ වන විට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල් හිඟය උග්‍ර වී ඇති අතර මේ වන විට කළුකඩ මිලට පවා එම සහල් වර්ග සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කොට තිබේ.මෙම අස්වනු නෙළන කාලසීමාවේ පවා, වෙළඳපොළේ පවතින මෙම සම්බා සහ කීරි සම්බා සහල් හිඟය පිළිබඳව ආහාර සුරක්ෂිතතා කමිටුවේදී ද දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වූ බව කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී ඇත.පවතින තත්ත්වය පාලනය කරමින් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්