කොළඹ 7 සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ එහි ශිෂ්‍ය ආචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට අතිශයින් කීකරු ලෙස කලක් ජීවත් වූ “කළු” නමින් හැඳින්වෙන සුනඛයා කලක් රෝගාතුරව පසුවීමෙන් පසු ඉකුත් 22 දා පස්වරුවේ මිය යන ලදුව ඔහු ගේ අවසන් කටයුතු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සියළු පාර්ශවයන් ගේ සහභාගීත්වයෙන් මෙම 23 වන දා පෙරවරුවේ සිදු කරන ලදී.විශ්ව විද්‍යාල පරිශයේ සෑම තැනකම නිදහසේ සැරිසරමින් ජීවත් වූ කළු එහි සංගීත හා නැටුම් ප්‍රායෝගික අභ්‍යාස සිදුවන අවස්ථා වල දී පවා සිසුන් සමඟ රැඳී සිටි බවත් විශේෂයෙන් විශ්ව විද්‍යාලය අවට දී පවා එහි සිසු ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය හඳුනාගෙන ඔවුන් හා සුහද වීමේ විශේෂ හැකියාවක් කළු සතුව තිබූ බවක් පැවසෙයි.මෙම සත්වයා සතුව තිබූ මෙවන් උතුම් ගති ගුණ නිසා ‘කළු”ට අවසන් වරට සමු දෙන අවස්ථාවට පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ගේ සේම විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් ගේ ද නෙතු අග කඳුළක් රැඳී තිබෙනු දක්නට ලැබුණු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සත්වයා රෝගී වූ අවස්ථාවේ සිට ඔහු ගේ ජීවිතය බේරා ගැනීම පිණිස විශ්ව විද්‍යාලයීය මානව වංශ සංගීත විද්‍යා ජ්‍යෂ්ඨ කථිකාචාර්ය මංගලිකා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් විශාල පරිශ්‍රමයක් දරන ලද අතර විශ්ව විද්‍යාල ප්‍රජාවේ විවිධ කොටස් වලින් ඒ සඳහා නොයෙක් ආධාර උපකාර ලැබුණු බවත් වාර්තා වෙයි.