හින්දුන් ගේ ආලෝක උත්සවය වන දීපාවලී අදයි

හින්දු භක්තිකයන් ගේ අති උතුම් ආධ්‍යාත්මික උත්සවයක් වන දීපාවලී උළෙල අද (20)ට යෙදී තිබේ.මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන කාර්තික (ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද) සමරනු ලැබේ. හින්දු ආගමේ වඩාත් ජනප්‍රිය උත්සවයක් වන දීපාවලී (දිවාලි) උත්සවය “අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම” සංකේතවත් කරයි.එහි නම වන දීපාවලී යන්න සිංහලයෙන් අරුත් ගැන්විය හැක්කේ දීප ආවලී හෙවත් “පහන් වැල” අනුවෙනි. මේ අතර අදට යෙදී ඇති දීපාවලී උත්සවය සිහිපත් කරමින් ජාතික දීපාවලී උත්සවය ඊයේ පෙරවරුවේ හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්විණි.ඒ බුද්ධශාසන, ආගමික හා සංස්තකෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහභාත්වයෙනි.කෝවිලට පැමිණි පිරිස පිළිගනු ලැබුවේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරන හින්දු භක්තික නිලධාරීන් විසිනි.මෙහිදී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල්තුමා විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබීය.එය සංවිධානය කර තිබුණේ මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ භාරකාර මණ්ඩලය විසිනි.

කාලීන පුවත්