වත්මන් පාලනය යටතේ බුද්ධ ශාසනයේ යහපැවැත්මට හානි දායක බොහෝ අගති දායක දේ සිදු වන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රෛනිකායක භික්ෂූන් වහන්සේ 2500 නමකගේ සහභාගීත්වයෙන් කොළඹදී දැවැන්ත පාද යාත්‍රාවක් පැවැත්වීමට තීරණය කොට තිබේ. කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන නායකයෙකු සහභාගී කර නොගන්නා මෙම පා ගමන සම්බන්ධව පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.මේ සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මහාචාර්ය අගළකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතනන නාහිමි, තිනියාවල පාලිත නාහිමියන් ප්රමුඛ නායක හිමිවරුන් ගණනාවක්ම සහභාගී වී ඇත. .ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා දැනුවත් කොට අනුනායක හිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයද සහිතව මෙම පාද යාත්‍රාව සංවිධානය කිරීමට මෙහි දී තීරණයවී ඇත.නාරාහේන්පිට අභයාරාමයෙන් ආරම්භ වන මෙම පාද යාත්‍රාව කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව අසලින් නිමා කොට එතැනදී සත්‍ය ක්‍රියාවක් පැවත්විමට ද තීරණය වී තිබේ.