හෙට සහ අනිද්දාත් තෙල් බෙදනවා

හෙට (21) සහ අනිද්දා ගබඩා පර්යන්තවලින් ඉන්ධන නිකුත් නොකරන බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරයි.ලියාපදිංචි අංකයේ අවසාන අංකය ලෙස ඉරට්ටේ අංකයක් ඇති වාහන සඳහා පමණක් අද (20) ඉන්ධන නිකුත් කරන බව ඔහු තවදුරටත් පවසයි.QR කේතය සහ ඔත්තේ/ඉරට්ටේ ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමෙන් තදබදය අඩු වී ඇති අතර, සෑම කෙනෙකුටම වඩාත් පහසුවෙන් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්