හෙළයේ ගීත කෝකිලාවිය ගේ අවසන් ගමන අනිද්දා

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරිදාවලී ලත් ප්‍රවීණ ගායිකා අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍යාගාරයේ තැන්පත් ඇත.ඉන් පසුව දේහය රාජ්‍ය ගෞරව සඳහා බදාදා (31) පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කරන අතර ඉන් පසුව ඇයගේ අවසන් කැමැත්තට අනුව ආගමික කටයුතු වලින් අනතුරුව බොරැල්ල සුසාන භූමියේදී දේහය භූමදානය සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්