අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අදත්(03) දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ධිවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ, උතුරු අක්ෂාංශ 10 – 17ත් සහ නැගෙනහිර දේශාංශ 80 – 85ත් අතර මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි.

පවතින වර්ෂාපතනයත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැදුරු ඔය ජලාශයෙහි පහළ ප්‍රදේශයේ ගංගාව දෙපස පදිංචි ජනතාවට දැනුම් දෙන්නේ, නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.

කාලීන පුවත්