ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට අරඹන ලද එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (17) දින ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මෙම වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරිමටයි නියමිතව තිබේ.නමුත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනුයේ ඉදිරි සතියේ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණෙහොත් අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවයි.මෙම වැඩවර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය ද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.