අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි
අද ( 22) දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පැවසුවාය.දින හතරකදී තැපෑල අඩාල වීමෙන් රුපියල් මිලියන 100කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිනිය සඳහන් කළා ය.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩගසා තිබූ විදෙස් තැපැල් පාර්සල් හා ලිපි මළු මධ්‍යම තැපැල් හුවමාරුවට ගෙ ආ නමුත් සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා බෙදාහැරීමට නොහැකි වී ඇතැයි කී ඇය මෙසේ ද පැවසුවාය.“මෙම වර්ජනයෙන් මහජනතාව, තැපෑලේ සිටින අය වගේ ම දේශීය විදේශීය අපේ තැපැල පාවිච්චි කරන සියලු දෙනා අපහසුතාවට පත්ව සිටිනවා. මේ දක්වා සේවයට වාර්තා නොකළ අය අද ( 22)පෙවරුවේ ම කාර්යාලවලට වාර්තා කරන්න. එහෙම නොවුණහොත් ඉදිරියේදී නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහොම ආදරයෙන්, කරුණාවෙන් නිලධාරීන්ට ආයාචනය කරනවා සේවයට වාර්තා කරන්න කියලා”