අද (26 ) දිනය තුළ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඊයේ පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කොට ඇත.