අද දොස්තර වරු වැඩ වරති

අද (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධී අයුරින් දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින් බවත් එම සංගමය පවසයි.මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස අද උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.කෙසේ වෙතත් අද දිනය තුළ හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

කාලීන පුවත්