අද රෑ උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ සහ හෙට අළුයම් කාලයේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.ඔහු සඳහන් කළේ, ‘ඔරායනිඩ්ස්’ ලෙස නම් කර තිබෙන මෙය නැගෙනහිර අහසේ නිරීක්ෂණය කළ හැකි බව ය.රාත්‍රී 11:00න් පසු මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි අතර අලුයම 03:00 ත් 05:00 ත් අතර වේලාවේදී එය වඩාත් පැහැදිලිව දැකගත හැකි බව ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි.මෙහි දී පැයකට උල්කාපාත විස්සත් 30ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්