පසුගිය කාලයේ ඇනහිට තිබූ ප්රධාන මාර්ගයේ දුම් රිය ධාවනය අද( 02) සිට කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා ක්රියාත්මක වේ .නමුත් පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයෙන් විනාශ වූ සමස්ත දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මාස තුනකට අධික කාලයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉන් වැඩිම හානිය සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට බවත් රඹුක්කන සිට බදුල්ල දක්වා උඩරට මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවත් දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.