අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 22 වැනිදා ඇරැඹේ

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයකට අදාළව ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුව ද සැලසුම් කර ඇති පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනවාරි 22 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. තවද ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කර ඇති මොඩියුලයේ අදාළ පිටුව ඉවත් කර පාසල්වලට බෙදා හැරීම කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

නව ප්‍රතිසංස්කරණ යටතේ හර විෂයයන්වලට අමතරව වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විෂයයන් දාහතරක් කලින් නම් කර තිබුණ ද පසුව එම සංඛ්‍යාව හය දක්වා අඩු කෙරිණි. එලෙස අඩු කර ඇති විෂයයන් අතර ඉංග්‍රීසි විෂයය ද වෙයි. මතභේදයට තුඩු දී ඇති ඉංග්‍රීසි විෂයයේ ප්‍රධාන මොඩියුලය බෙදා හැරීම නතර කළහොත් හය ශ්‍රේණියේ සිසුන්ට එම විෂයය ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි වන බව ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරියෙක් පවසනලදි.මෙම තත්ත්වය හේතුවෙන් මතභේදයට තුඩු දී තිබෙන මොඩියුලය බෙදා නොහැර සිටීමට අමාත්‍යාංශයට නොහැකි බව හෙතෙම පවසනලදි.

මේ අතර අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනවාරි 22 වැනිදා සිට ආරම්භ කිරීමේ වැඩපිළිවෙළේ වෙනසක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරනලදි.

කාලීන පුවත්