“අනාගතේ අපේ අතේ”නිර්මාතෘ ප්‍රභාත් කුමාර සමු ගනී

බදුල්ල “අනාගතේ අපේ අතේ” සංවිධානයේ නිර්මාතෘ ජී.ඒ ප්‍රභාත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන කේෂ්ත්‍රයේ පුරෝගාමී ක්‍රියාකාරි නායකයෙකු ලෙස සොබා දහම සහ පරිසර සංරක්ෂණය සේම මානව අයිතිවාසිකම් රැකදීම වෙනුවෙන් ඔහු කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකර ඇත. නැසිගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතාගේ වැඩිමහල් සොයුරා වන ප්‍රභාත් කුමාර මහතා තරුණ වියේ දී සම්මානනීය සිනමා කරුවකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් ගේ සහාය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කොට තිබිණ.

කාලීන පුවත්