අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ රුවන් වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක යන නා හිමි වරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී ඇත.හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගේ නිවසේ දානමය පුන්‍යකර්මයක් සඳහා සහභාගී වීමට වැඩම කළ අවස්ථාවේ නා හිමි වරුන් හා මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම හමුවීම සිදු විය.මීට පෙර මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ද තංගල්ලේ කාල්ටන් නිවසට වැඩම කර මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.