. අප්‍රේල්,ජුනි,ජූලි මාස වල දී විදුලි කප්පාදුවක්?

.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මෙම වර්ෂයේ අප්‍රේල්,ජුනි,ජූලි මාස වලදී මෙරට විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වය දිගටම පැවතුණොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් මහජන උපයොගීතා කොමිෂන් සභාව(PUCSL) ගල් අඟුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.
උද්ගතව ඇති තත්ත්වය මත පවතින බලාගාර අතුරින් එක් ගල්අඟුරු ඒකකයක් හෝ එක් බලාගාරයක් අක්‍රිය වුවහොත් විශේෂයෙන් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී රාත්‍රි උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ජනන ධාරිතාව ප්‍රමාණවත් නොවීමේ අවදානමක් පවතින බව එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්