අමෙරිකානු කොටස් වෙළෙඳපොළ පහත වැටේ

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ ද අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව මාධ්‍ය සඳහන් කරයි.එම වාර්තා වලට අනුවඅමෙරිකානු වේලාවෙන් ඊයේ එරට කොටස් වෙළෙදපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක තුනම පහත වැටී තිබේ.ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1% කින්ද, S&A 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී ඇත.මෙම සතිය තුළ අමෙරිකානු කොටස් වෙළෙඳපොළ මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව සිව්වන වරට ය.

කාලීන පුවත්