අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ

මේ වන විට මධ්‍යම පළාත තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) දිනයේත්, ලබන සඳුදා එනම් 22 වැනිදාත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර ඊයේ (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත්, කාලගුණය හේතුවෙන් ලබා දෙන මෙම විශේෂ නිවාඩුව සහ නත්තල් නිවාඩුවෙන් අනතුරුව කලින් සැලසුම් කර තිබූ පරිදිම දෙසැම්බර් මස 29 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය සඳහන් කරයි.

කාලීන පුවත්