අල්ලස් කොමිසම මඟින් අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වු අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අද (23) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබූ අතර එලෙස පැමිණ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.අනූෂ පැල්පිට මහතා සතු රුපියල් කෝටි හතර හමාරකට අධික මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ පිළිබඳව සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගත් අනූෂ පැල්පිට මහතා අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කාලීන පුවත්