අවධානය යොමු කළ යුතු උණුසුම් කාලගුණ තත්වයක්

හෙට (15) දිනය දක්වා වලංගු වන උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද ප.ව. 03.00 ටකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

කාලීන පුවත්