ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම් රිය රියැදුරු සංගමය අවසන් මොහොතේ තීරණය කර තිබේ.ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.මඟීන්ට සිදුවන දැඩි දුෂ්කරතා ද සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි මුත් තම වෘත්තීය ගැටළු විසඳෙන තෙක් මෙම අරගලය දිගටම පවත්වා ගෙන යන බව දුම්රිය රියැදුරු සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.