අවුරුදු දහයේ එකොලහ සිසුන් ගේ පාසල් පොත් වලට සමලිංගික පාඩම්

ජාත්‍යන්තර සංවිධාන වල මුදල් ආධාර මත වයස අවුරුදු දහයේ එකොලහ වයස් කාණ්ඩ වල දරුවන් ගේ පාසල් පොත් වලට සමලිංගිකත්වය සම්බන්ධ කරුණු පවා එක් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන බවට අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරු මාහිමිපාණෝ චෝදනා කරති.ඒ අතර ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස් කරන ලද 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ද පවසයි.ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මේ වන විට මුද්‍රණය අවසන් කර ඇත.එබැවින් එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ පිළිබඳව අද (31) දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිල්ලක් ද සිදුකිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්