අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කෙසේ නමුත් මන්ත්‍රී වරයා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා පෙරදින රාත්‍රී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අනතුරින් තුවාල ලැබූ අශෝක රන්වල මහතා සහ කාන්තාවන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස හයක බිළිඳියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.ඒ අනුව අද දහවල් වනවිට වෛද්‍ය වාර්තවක් ලබාගැනීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.ඔහු එසේ ප්‍රකාශ කළේ එම අනතුර සිදුව්න අවස්ථාවේ මන්ත්‍රී වරයා බීමතින් සිටි බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙනි.

කාලීන පුවත්