අස්ගිරි අනු නාහිමි ආදාහන පූජෝත්සවය අද

අප­වත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණ­ම­ඩුවේ ශ්‍රී ධම්ද­ස්ස්‍යා­භි­ධාන අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ දේහය පිළි­බඳ ආදා­හන පූජෝ­ත්ස­වය පූර්ණ රාජ්‍ය අනු­ග්‍ර­හය ඇතිව අද (24) පස්වරු 2.30ට මහ­නු­වර අස්ගි­රිය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී සිදු කෙරෙනු ඇත.අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිස උන් වහ­න්සේගේ දේහ­යට අව­සන් ගෞරව දැක්වී­මෙන් අන­තු­රුව උඩු­ගම ශ්‍රී බුද්ධ­ර­ක්ඛිත මහ­නා­යක අනු­ස්ම­රණ ශාලාවේ සිට දේහය පස්වරු 1.00ට රිය පෙර­හ­ර­කින් අස්ගි­රිය පොලිස් ක්‍රීඩාං­ග­ණය වෙත වැඩම කිරීමට සැල­සුම් කර තිබේ.අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ ආදා­හන පූජෝ­ත්ස­වය නිමි­ත්තෙන් අස්ගිරි මහා විහා­ර­යට ආස­න්න­යෙන්ම පිහිටා තිබෙන හේම­මාලි බාලි­කාව, පුෂ්ප­දාන බාලි­කාව, වාරි­ය­පොළ ශ්‍රී සුමං­ගල හා සාන්ත සිල්වෙ­ස්තර යන විදු­හල් දහ­වල් 12.00ට වසා දැමී­මට තීර­ණය කළ බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ මහතා කීය.අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ ආදා­හන පූජෝ­ත්ස­ව­යට මැති ඇමැ­ති­වරු, තානා­ප­ති­ව­රුන් ඇතුළු ප්‍රභූන් රැසක් සහ­භාගි වීමට නිය­මි­ත ය.

කාලීන පුවත්