අහිනව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ නිලවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී ඇති බව වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් වීමෙන් ප්‍රකාශ වී තිබේ.අහිනව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේදී ඊයේ (07) ආරම්භ වූ අතර ඊයේ පස්වරුවේ පැවති රහසිගත ඡන්ද විමසීමේදී නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඡන්ද විමසීම අද පෙරවරුවේ යළි ආරම්භ කරන ලදී.එමඡන්ද විමසීමෙන් අනතුරුව වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමගින් සංකේතවත් වන්නේ නව පාප් වහන්සේ තවමත් තේරී පත්වී නොමැති බවකි.පාප් වහන්සේ තෝරා ගත් විට එම කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වන අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු වී තිබේ.