මෑත භාගයේ අප රටේ පහළ වූ අග්‍ර ගන්‍ය පඬි රුවනක වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ප්‍රකට ශබ්දකෝෂ සම්පාදක වරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු මෙන්ම තමන්ටම ආවේණික ගමන් මඟක් සකසා ගත් ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙකු ලෙසින් ප්‍රකට විජයතුංගයන් 1931 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ උපත ලැබූ අතර පළමුව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය. අනතුරුව ඔහු කලක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රසායන විද්‍යා ගුරුවරයා ලෙස සේවය කළේය. 1956 පෙරළියත් සමඟ සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් වූ යුගයේ දී, විද්‍යා විෂය ඉගැන්වීම සඳහා සිංහල පොත්පත් දුලබ වූ අවස්ථාවක වහා ක්‍රියාත්මක වූ විජයතුංගයෝ ඉංග්‍රීසි පොත්පත් පරිවර්තනය කිරීමට සහ නව විද්‍යා පෙළ පොත් සම්පාදනයට පෙරමුණ ගත්හ.ඒ අතරේ සිය භාෂා ශාස්ත්‍ර ඥානය පුළුල් ලෙස වර්ධනය කර ගත් ඔහු 1956 සිට විවිධ ශබ්ද කෝෂ ග්‍රන්ථ සම්පාදනයට පවා දායක වූ අතර, ඔහුගේ සාහිත්‍ය දිවියේ සුවිශේෂී කර්තව්‍යය වන්නේ මේ වන විට ඉහළම සමාජයීය පිළිගැනීමක් සහිත “මහා සිංහල ශබ්දකෝෂය” සම්පාදනයයි. ඊට අමතරව විද්‍යා, සාහිත්‍ය විචාර, ආගමික, ඉතිහාස, දේශපාලන සහ නීති ඇතුළු පොත්පත් රාශියක් රචනා කළ ඔහු 1973 දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටියේය. විශේෂයෙන්ම, 1977 වාර්ගික ආරවුල් පිළිබඳ විමර්ශනය කළ සන්සෝනි කොමිෂන් සභාව ඉදිරියේ දෙමළ අන්තවාදීන්ගේ අසත්‍ය චෝදනා ඛණ්ඩනය කරමින්, සිංහල බෞද්ධ අයිතීන් සුරැකීමට ඔහු ගත් කැපවීම සුවිශේෂී වේ.විවිධ වෘත්තීන් කිහිපයක නිරත වූ අතරම, 1990 වසරේදී සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා එහි නායකත්වයට පත් වෙමින් ඔහු පක්ෂ දේශපාලනයට අවතීර්ණ විය. ඔහුගේ දේශපාලනයේ එකම අරමුණ වූයේ ඒ වන විට අහිමි වෙමින් තිබූ සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන් ජීවිත කාලය පුරාම මහාසම්මතවාදය සහ භූමිපුත්‍ර සංකල්පය ප්‍රවර්ධනය කරමින්, සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් අභීතව පෙනී සිටි සුවිශේෂ ගණයේ චරිතයකි. 1994 හා 1999 වසරවල මෙරට පැවති ජනාධිපතිවරණ දෙකේදීම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තම පක්ෂයෙන් තරග වැදුනේය. තවද 2000, 2001 හා 2004 වසරවල පැවති පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන්ද තරග කළේය. කලක් සිංහල බෞද්ධයා පත්‍රයේ මෙන්ම සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය දැරූ ඒ මහතා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වගකීම් දරා තිබේ. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීන් ගේ දේහය මාකොළ සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතය.