ආණ්ඩුව ඉන්දියාව සමඟ ගැසූ ගිවිසුම් කොළ වශයෙන් ඉල්ලන්නේ ඇයි?

වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන විස්තර ආණ්ඩුව ජනතාව හමුවේ හෙළි කොට ඇති බවත් එම ගිවිසුම් කොළ වශයෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රශ්න කරයි.එමෙන්ම 1969 වසරේ සිය පක්ෂ සාමාජිකයන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා නිර්මාණය කළ පන්ති පහ අතර තිබූ ඉන්දියානු ව්‍යාප්තවාදය පක්ෂය විසින් අතහැර දැමුවේ 1976 වසරේ දී බව ද හෙතෙම සඳහන් කරයි.එමෙන්ම කොළඹ පුරපතිනියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ දැනගැනීමේ අවශ්‍යතාවක් ජනතාව තුළ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වරයා පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

කාලීන පුවත්