වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. “අපිට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තිබෙන තාක්කල් ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ.”යනුවෙන් හිටපු ජනාධිපති වරයා පැවසූ අතර “දැන් මෙහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ?”යනුවෙන් එහි දී මාධ්‍යවේදියකු ගෙන් ප්‍රශ්නයක් නැඟුණි.මහින්ද රාජපක්ෂ මහතා ක්ශණිකවම ඊට දුන් පිළිතුර වූයේ “විජේරාමෙට වඩා ඉතාම හොඳයිනේ මැදමුලන.”යන්න ය.