මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමාර’ අභිධානය ඉවත් කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර තිබේ.ඒ අනුව මින් ඉදිරියට ඇන්ඩෘෘ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් පමණක්  හඳුන්වනු ඇත. ඒ අනුව ‘කුමාර’ පදවිය අහිමි වූ ඇන්ඩෘෘ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට ද සිදුවේ.ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වන විට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමඟ සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෘෘ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල වී තිබේ. ඒ හේතුවෙන් මෙම මසදී යෝර්ක් හි ආදිපාද ධුරය හැරීමට ඔහු කටයුතු කොට ඇත.
සිය තීරණය දැනුම්දෙමින් ඔහු පවසා ඇත්තේ තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බව ය.එමෙන්ම පසුගිය වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෘෘ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවකු බව හෙළිවීමත් ඔහුගේ ධුරය අත්හැරීමට තවත් හේතුවක් වී තිබුණි.