ඇමරිකානු නාවික අනතුරේ හානිය අපටත් දැනේ ද?

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් පාලමෙහි බහාලුම් ප්‍රවාහන යාත්‍රාවක් ගැටීම නිසා සිදු වූ දැවැන්ත අනතුර බොහෝ දෙනෙක් දකින්නට ඇත. සැතපුම් එකහමාරක් පමණ දිගින් යුක්ත මේ පාලම මෙහි දී එකවරම බිඳ වැටුණි. 2007 වසරෙන් පසුව ඇමරිකාවෙන් වාර්තා වූ දැවැන්ත ම පාලම් අනතුර මෙයයි. මෙහි දී සිදුව තිබුණේ නැවෙහි විදුලි බල අර්බුදයක් නිසා බව පැවසේ. නැවේ පාලන ඒකකයට වූ විදුලි බල සැපයුම බිඳ වැටීම නිසා එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි. නැවේ කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී මේ බව මේ පාලම අයත් බැල්ටිමෝර් පාලනාධිකාරියට දන්වා සිටි අතර ඒ නිසාම පාලම මතින් ගමන් ගන්නා වාහන සියල්ලම නවතා දමන්නට හැකියාව ලැබිණි. එවැනි දැනුම් දීමක් කරන්නට නොහැකි වූයේ නම් සිදු විය හැකි ව තිබූ දේපළ සහ ජීවිත හානිය මෙතෙකැයි ගණනය කරන්නට ද දුෂ්කර වන්නට ඉඩ තිබිණි. මේ අනතුර නිසා මේ වන විට මරණ හයක් පිළිබඳ පමණක් වාර්තා වී තිබෙන අතර ඒ 6 දෙනා ද මේ පාලම මතින් වූ මාර්ගයේ යම් අලුත්වැඩියාවක නිරත වෙමින් සිටි පිරිසක් බව වාර්තා වෙයි. කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිවලට අනුව නිකරුණේ එක් මරණයක් හෝ සිදුවීම දැඩි සැලකිල්ලකට ගනු ලබන කාරණයකි. ඔවුන් සිතන්නේ මේවා සිදුනොවිය යුතුව තිබූ මරණ බවය. කෙසේ නමුත් ෆෙඩරල් රජය මේ වන විට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් නැවත පාලම ගොඩනැගීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉක්මනින් සපයන බවය.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ වරායක් වන බැල්ටිමෝර් වරායේ සියලු ගනුදෙනු සිදු වන්නේ මේ නදිය ඔස්සේය. වාහන සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු භාණ්ඩ ප්‍රවාහනය සහ බෙදාහැරීම සිදු වන්නේ මේ වරාය ඔස්සේය. එවැනි තත්ත්වයක තුළ වරායට ඇති එකම ප්‍රවේශ මාර්ගය අවහිර වීම, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට වැදුණු මරු පහරක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිට ආසියානු රටවල් කරා භාණ්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු වන්නේ ද බැල්ටිමෝර් වරාය හරහාය. මේ අනතුර නිසා ආසියානු රටවලට සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහනය ද බිඳ වැටෙන්නට හැකියාව තිබේ.

සිංගප්පූරුවට අයත් ‘ඩාලි’ නම් වූ මේ බහාලුම් ප්‍රවාහන යාත්‍රාව මෙයට පෙර ද යම් අනතුරකට ලක් වූ නැවක් වන අතර මේ නිසා එහි සම්පූර්ණ ස්කෑන් පරීක්ෂාවක් සිදු කොට තිබේ. එහි දී යම් යම් දෝෂ සහගත තත්ත්වයන් වාර්තා වී තිබුණු නමුත් මෙවැනි විදුලිය බිඳ වැටිය හැකි තත්ත්වයක් පිළිබඳ නිරීක්ෂණය වී නොතිබිණි. බාල ඉන්ධන භාවිතය නිසා මේ අනතුර සිදුව ඇති බවට ද යම් රාවයක් පැතිර යමින් පවතී. මෙය ශ්‍රී ලංකාව හරහා සිංගප්පූරුව කරා ගමන් කරන්නට නියමිතව තිබිණි.

මේ අනතුර නිසා කඩා වැටුණු, පැටප්ස්කෝ නදිය මතින් ඉදිකොට තිබූ ෆ්‍රාන්සිස් ස්කොට් කී පාලම ඇමරිකාවේ දිගින් වැඩිම දෙවැනි පාලම වේ. මේ වන විට පාලමේ සුන්බුන් නදිය හරහා පතිත වී ඇති බැවින් නදිය ඔස්සේ කිසිදු යාත්‍රාවකට ගමන් කරන්නට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ වරායක් වන බැල්ටිමෝර් වරායේ සියලු ගනුදෙනු සිදු වන්නේ මේ නදිය ඔස්සේය. වාහන සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු භාණ්ඩ ප්‍රවාහනය සහ බෙදාහැරීම සිදු වන්නේ මේ වරාය ඔස්සේය. එවැනි තත්ත්වයක තුළ වරායට ඇති එකම ප්‍රවේශ මාර්ගය අවහිර වීම, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට වැදුණු මරු පහරක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිට ආසියානු රටවල් කරා භාණ්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු වන්නේ ද බැල්ටිමෝර් වරාය හරහාය. මේ අනතුර නිසා ආසියානු රටවලට සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහනය ද බිඳ වැටෙන්නට හැකියාව තිබේ. එසේ වුවහොත් ආසියානු රටවලට මේ වරාය ඔස්සේ ලැබෙන සැපයුම් සීමා වී යම් භාණ්ඩ හිඟයක් ඇති වන්නට ඉඩ තිබේ. මෙය කෙටිකාලීන ගැටලුවක් වුව ද ආර්ථිකමය වශයෙන් එය දැඩි පාඩුවකි.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ යම් ප්‍රාන්තයක සිදු කෙරෙන ඉදිකිරීම් සඳහා මූල්‍ය සම්පාදනය සිදු වන්නේ එම ජනපදයේ ආදායම්වලින් වුවත්, බැල්ටිමෝර් පාලම ජනපද දෙකක් යා කෙරෙන, බොහෝ මගී ජනතාවක් ගමන් කරන පාලමක් නිසා මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයන්නට ෆෙඩරල් රජය ඉදිරිපත් වී තිබේ. ජනපති ජෝ බයිඩන් මේ සඳහා කොංග්‍රස් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පසු වන අතර එයට කිසිවකු විරුද්ධත්වයක් පළනොකොට එකඟත්වය පළ කරනු ඇති බවට ලෝක දේශපාලන විචාරකයෝ පවසති. මේ නිසා හැකි උපරිම ඉක්මනින් නව පාලමක් මේ නදිය මතින් යළි ගොඩනැගෙනු ඇත. නිව්යෝර්ක් නුවර සිට වොෂිංටන් දක්වා ගමන් කරන්නට ඇති මාර්ග තදබදය අඩුම මාර්ගය වැටී තිබුණේ මේ පාලම මතින් බව පැවසේ. මේ නිසා ඉදිරියේ චී මේ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වන්නට ඉඩ තිබෙන බව බලධාරීහු පවසති.

ගොඩ බිමට වඩාත් ඉක්මනින් භාණ්ඩ සැපයීමේ වරායක් ලෙස ද මෙහි දායකත්වය ඉහළ තැනක පැවතුණි. මේ වන විට ඒ සියලු සැපයුම් ද අඩපණ වී තිබේ. නදිය හරහා වැටී ඇති පාලමේ සුන්බුන් ඉවත් කරන්නට මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි පැවසේ. එතෙක් කිසිදු භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවකට වරාය කරා ප්‍රවේශ වන්නට හැකියාවක් නැත.

බැල්ටිමෝර් වරාය පසුගිය වසරේ දී වාර්තාගත ප්‍රමාණයක ආර්ථික කටයුතුවලට දායක වූ බව වාර්තා වෙයි. ඍජු රැකියා 15,000 ක් පමණ මේ වරාය නිසා ජනනය වී තිබිණි. වරායට ඇති සියලු ප්‍රවේශ මාර්ග බිඳ වැටීම නිසා කෙටි කාලීන වශයෙන් වුවත් වරායේ වැඩකටයුතු නවතා දමන්නට සිදුව තිබේ. ඒ හේතුව නිසා මේ රැකියාවලින් යැපෙන්නන් විශාල ප්‍රමාණයක් මහත් ආර්ථික අර්බුදයකට මුහුණ පාන්නට ඉඩ ඇත. 15,000 ක් යනු සුළුපටු ප්‍රමාණයක් නොවේ. එමෙන්ම මෙවැනි දැවැන්ත වරායක් ආශ්‍රිතව ජනනය වී ඇති වක්‍ර රැකියාවන් ද අතිවිශාල ප්‍රමාණයකි. මේ සියල්ල එකවර මහත් අර්බුදයකට මුහුණ පානු ඇත. මේ වරාය අයත් මේරිලන්ඩ් ජනපදයට මේ වරාය ඔස්සේ ජනනය කරගත් ආර්ථික වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක් පමණ වෙතැයි පැවසේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රට අභ්‍යන්තරයේ ම පිහිටි වරාය වන්නේ ද බැල්ටිමෝර්ය. මේ නිසාම ගොඩ බිමට වඩාත් ඉක්මනින් භාණ්ඩ සැපයීමේ වරායක් ලෙස ද මෙහි දායකත්වය ඉහළ තැනක පැවතුණි. මේ වන විට ඒ සියලු සැපයුම් ද අඩපණ වී තිබේ. නදිය හරහා වැටී ඇති පාලමේ සුන්බුන් ඉවත් කරන්නට මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි පැවසේ. එතෙක් කිසිදු භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවකට වරාය කරා ප්‍රවේශ වන්නට හැකියාවක් නැත. වරාය කරා පැමිණෙන්නට ගොඩ බිම් මාර්ග ඇතත්, මේ මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට භාණ්ඩ සැපයෙන්නේ වරාය කරා පැමිණෙන නැව් මගිනි. එබැවින් ගොඩ බිම් මාර්ග තිබුණ ද එයින් සැලකිය යුතු වැදගත්කමක් ලැබෙන්නේ නැත.

මේ වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ගෙන යන බැවින් මේ පාලමේ කඩාවැටීම මේ වන දේශපාලන කාරණයක් බවට ද පත්ව තිබේ. එකිනෙකා කෙරෙහි චෝදනා එල්ල කර ගැනීමේ තත්ත්වයක් ද කෙමෙන් ඉස්මතු වෙමින් පවතී.

මේ පාලමේ කඩා වැටීම සිදු වූයේ ලෝකයේ වෙනත් ජාත්‍යන්තර වරායයන් ද භාණ්ඩ හුවමාරුව සම්බන්ධව දැඩි තදබදයක් පවතින සමයක වීම ද ගැටලුවක් බවට පත්ව තිබේ. අධික නියඟය නිසා පැනමා ඇල ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය ද දැඩි ලෙස සීමා වී තිබේ. එමෙන්ම හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර නිසා රතු මුහුද හරහා ගමන් කිරීමේ අවදානමක් ද පවතී. එබැවින් බොහෝ නැව් සමාගම් ඉහතින් සඳහන් කළ මාර්ග මග හැර යාමට පුරුදුව සිටියහ. මේ තත්ත්වය තුළ බැල්ටිමෝර් වරායේ වැඩකටයුතු අවහිර වීම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්නට හේතු වී තිබෙන බව පෙනේ. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වැඩි දිනක් ගතවන්නට පෙර භාණ්ඩ සැපයුම්වල යම් හිඟතාවයක් ඇති වන්නට මේ අනුව ඉඩ තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර