ඇමරිකාව ඉරානයට ගොඩබිමින් පහර දීමට සැරසෙයි

පෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් උච්චතම අවස්ථාවට පත්කරමින් ඉරානය ඉලක්ක කරගත් ගොඩ බිම් ආක්‍රමණයක් සඳහා අවශ්‍ය සියලු යුදමය සැකසුම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අදාළ කලාපය තුළ ස්ථාපිත කර අවසන් බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර තිබේ. ඇමෙරිකානු හමුදා සේනාංකයන් සහ අවශ්‍ය යුද්ධ උපකරණ සියල්ල මේ වනවිටත් මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.සී.එන්.එන්. පුවත් සේවය කළ මෙම ආන්දෝලනාත්මක අනාවරණයත් සමග ගෝලීය අවධානය යළිත් වරක් මධ්‍යම පෙරදිග කලාපය වෙත යොමුවී ඇත. ඉදිරි පැය කිහිපය තුළ දෙපාර්ශ්වය අතර සිදුවන රාජ්‍යතාන්ත්‍රික හෝ යුදමය සිදුවීම් ලෝක දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පියවර සම්බන්ධයෙන් ඉරානය හෝ අනෙකුත් බලවත් රාජ්‍යයන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවද, ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවේ.ලෝක බලවතුන් අතර පවතින මෙම ගැටුම්කාරී ස්වභාවය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ බලශක්ති සැපයුම කෙරෙහි ද දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබේ.

කාලීන පුවත්